Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැන ගිය කන්දකාඩු රැඳවූවන් 200 කට වැඩි පිරිසක් යළි අල්ලයි  

Add comments

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවන් හයසිය පමණ පිරිසක් පළා ගිය අතර ඉන් 200 කට වැඩි පිරිසක් යළි සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව සිටිනවා. මේ අතර මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවෙකු සැක කටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය සදහායි. මෙම කදවුරේ රැඳවූවන් දහසකට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය ලබමින් සිටින අතර එහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනුයේ යුද හමුදාවයි.

මෙම මධ්‍යස්තානයේ නේවාසිකව පුනරුත්ථාපනය කෙරෙමින් සිටි අයෙකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වෙත අද උදැසන කරුණු වාර්තා වී තිබෙනවා. ඒ අනුව සිද්ධිය පිළිබද විමර්ශන පැවැත්වීමට වැලිකන්ද පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්තානයට ගියද කදවුරේ රැඳවූවන් කලහකාරී ලෙස හැසිරුනු බවයි පොලිසිය පවසන්නේ. මෙම තත්ත්වය හමුවේ රැදවූවන් 500 කට වැඩි පිරිසක් කඳවුරු වටා තිබූ ආරක්ෂක රැකවල් බිඳ පැනගොස් තිබෙනවා.

මියගිය රැදවූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර පලා ගිය අය අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය සහ හමුදාව ඒකාබද්ධව මෙහෙයුම් සිදු කරනවා. ඒ අනුව පළාගිය රැදවූවන් මේ වන විට යළි සොයා ගැනිමට හැකි වී තිබෙනවා.

The post පැන ගිය කන්දකාඩු රැඳවූවන් 200 කට වැඩි පිරිසක් යළි අල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG