Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීමෙන් ජාත්‍යන්තර තරඟකාරීත්වයේදී නව වාසි අත්කර ගත හැකි බව චීන ජනපති කියයි  

Add comments

චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්,  ජනාධිපති ෂී ජින් පිං මහතා 28  වැනිදා  වූහාන් නගරය නිරීක්ෂණ කළේය.

එම චාරිකාවේදී හෙතෙම ප්‍රථමයෙන්ම    HG Tech සොගෙ නිරීක්ෂණ කරමින් පැවසුවේ දෘෂ්ටි  ඉලෙක්ට්‍රොනික තොරතුරු    කර්මාන්තය   චීනයට තවදුරටත් ප්‍රමුඛත්වය අත්කර ගත හැකි අධි විද්‍යා හා තාක්ෂණ කර්මාන්තයක් බවයි.

වූහාන්හි  Donghu නව තාක්ෂණ වර්ධන කලාපය දෘෂ්ටි  ඉලෙක්ට්‍රොනික තොරතුරු   කර්මාන්ත අංශයේ සුවිශේෂී ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර  තාක්ෂණ තාක්ෂණ පර්යේෂණය කිරීම ශක්තිමත් කිරීමෙන්  විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීම  කඩිනම් කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

විද්‍යා හා තාක්ෂණ හරය තදින් ග්‍රහණය කර ගත යුතු ය. විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීම  අතින් තවදුරටත් විශාල වර්ධනයන් ලබා ගැනීමෙන් ජාතයන්තර තරගකාරී තත්වයේ නව වාසි අත්කර ගත හැකි බව ෂී ජින් පිං මහතා  පෙන්වා දුන්නේය.

අනතුරුව ෂී ජින් පිං මහතා Donghu නව තාක්ෂණ වර්ධන කලාපයේ ජන ප්‍රජාවකට පැමිණ එහි  වැසියන්  සමග  සමීපව අදහස්  හුවමාරු කර ගත්තේය.

වසර දෙකකින් පසු යළි වූහන් නගරයට පැමිණි ෂී ජින් පිං මහතා  එහිදී පැවසුවේ  2020  වසරේ වූහාන් වසංගතයට එරෙහිව  සටන ජය ගැනීම හා  ඉන් පසු ස්ථීර තත්වයක  පැවතීම මගින්  චීන කොමියුනිස්ට් පක්ෂයේ   මධ්‍යම කාරකසභාව නියම කළ  වසංගතය පාලන ප්‍රතිපත්තිය නිවැරදි  මෙන්ම ඵලදායී  බව පෙන්නුම් කර තිබෙන බවයි.

දැඩිව එම ප්‍රතිපත්ති වලට එල්බ සිටිය  යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානත්වය යටතේ  ජන ප්‍රජාවන්   පදනම් වන බිම් මට්ටමේ  සිට වසංගතය  පාලන   කටයුතු මෙන්ම ආර්ථික හා සමාජ වර්ධනය පූර්ණව සැළසුම් කිරීමට හැකි වෙතැයි  විශ්වාසයෙන්  පසු වන අතර  මෙම වසරේ චීන ආර්ථික වර්ධනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ දරන බව හෙතෙම කියා සිටියේය.

The post විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීමෙන් ජාත්‍යන්තර තරඟකාරීත්වයේදී නව වාසි අත්කර ගත හැකි බව චීන ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG