Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය  

Add comments

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්  කරමින් පවසනවා.

එය ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපේක්ෂා කරන බව  ද අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ සදහා දැක්වූ සහායට අග්‍රාමාත්‍යවරයාටත් අධිකරණ අමාත්‍යවරයාටත් ඔහු ප්‍රශංසාව පල කරන සිටිනවා.

21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගෙන එහි අනුමැතිය හිමිවීමෙන් පසු එය ව්‍යවස්ථානුකූල  ද යන්න විමසීම සදහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇති. ඉන් අනතුරුව ඒ පිළිබද ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

ද්විත්ව පුරවැසිභාවය හිමි අයට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකිවීම,  විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම යන ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් වනවා. මහබැංකු අධිපතිවරයා  පත් කිරීමේ බලය පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට පැවරීම ද තවත් යෝජනාවක්.

 

The post 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG