Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහයට ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩව සහාය  

Add comments

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහයට අඛණ්ඩ සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔනීල් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිනීය සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක සංවර්ධන ආධාර පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියා රජයට ස්තුතිය පල කළා.විදේශ ආයෝජන සදහා විවෘත වන  අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. ඕස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාමට හා ආයෝජන ප්‍රවර්ධනයට උනන්දු වන බව ඔනීල් මහත්මිය පැවසුවා. තම රජය ක්‍රියාත්මක කිරීමට නියමිත නැව් මාර්ග සංවර්ධනය පිළිබද ඇය කරුණු පැහැදි කළා. සමුද්‍ර ආරක්ෂාව සහ මිනිස් ජාවාරම  සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජයේ ප්‍රතිපත්තිය  ද අමාත්‍යවරිය විස්තර කළා. මිනිස් ජාවාරම් නැවැත්වීමට ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ කැපවී සිටින බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම හා තවදුරටත් සංවර්ධනය කිරීමට හා  සහාය දීමට සූදානම් බව ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

 

 

The post ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහයට ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩව සහාය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG