Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ගුවන් ගමන් රැසක් අවලංගු වෙයි  

Add comments

බ්‍රිතාන්‍යයේ හිත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ගුවන් ගමන් රැසක් අවලංගු කිරීම හේතුවෙන් ගුවන් මගීන් 5000කට ආසන්න සංඛ්‍යාවක් අපහසුතාවට පත්වුණා.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ගුවන් මගීන්ගේ ගමන්මළු ගුවන් යානාවලට පැටවීමට නොහැකි වීම හේතුවෙන් මෙම ගැටලුව හටගත්තා. ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 30ක් පමණ අත්හිටවූ බවයි හීත්‍රෝ ගුවන්තොටුපොල සදහන් කරන්නේ. එමෙන්ම සුදානම් කර තිබූ ගුවන් ගමන් වාර  10%ක් පමණ කප්පාදු කරන ලෙසද හීත්‍රෝ ගුවන්තොටුපොල ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් කර තිබුණා. මගීන්ගේ ගමන් මළු හීත්‍රෝ ගුවන්තොටුපොල තුළ ගොඩ ගැසී ඇති ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඊසි ජෙට් ගුවන් සමාගම ජූලි හා සැප්තැම්බර් මාසය තුළ සූදානම් කර ඇති ගුවන් ගමන්වාර එක්ලක්ෂ හැට දහසෙන් සියයට 7ක් කප්පාදු කරන බවයි සදහන් කරන්නේ. කාර්ය මණ්ඩල අවම වීම ඊට හේතුවී තිබෙනවා.

 

 

 

 

 

The post හිත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ගුවන් ගමන් රැසක් අවලංගු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG