Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් 23 දෙනා දිවයිනට  

Add comments

ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දරා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 23 දෙනා කටුනායක ගුවන්තොටුපලින් මෙරටට ලඟා වුණා.

මැයි මස 27 වනදා වෙන්නප්පුව කොනස්වාඩිය ප්‍රදේශයෙන් මෙම පිරිස ඕස්ට්‍රේලියාව බලා යාත්‍රාවකින් පිටත්ව ගොස් තිබුණා. ඔවුන් ඕස්ට්‍රේලියා වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගියා. ඔවුන් එරටින් පිටුවහල් කිරීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව එම ශ්‍රී ලාංකිකයන් 23 දෙනා ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි 977 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන ඒමට කටයුතු කළා. කාන්තාවක ඇතුළු මෙම විසි තුන් දෙනා ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර කිරීමටයි ඕස්ට්‍රේලියා බලධාරින් කටයුතු කළේ. මෙම පිරිස මීගමුව කොස්වාඩිය සහ මූතුර් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

 

 

 

The post ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් 23 දෙනා දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG