Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ රැකියා සොයන්නන්ට විශේෂ නිවේදනයක් !  

Add comments

විදේශ රැකියා අවස්ථා සඳහා විදේශ ගමන් බලපත්‍ර හෝ මුදල් ලබාදීමට පෙර ඕනෑම ආයතනයක නීත්‍යානුකූලභාවය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සියලුම අනුමත විදේශ රැකියා නියෝජිතායතන සහ දැනට ඔවුන් සතුව ඇති රැකියා දීමනා පිළිබඳ තොරතුරු SLBFE වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති බව ද කාර්යාංශය අවධාරණය කරයි.

රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීම් පළ කර වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

The post විදේශ රැකියා සොයන්නන්ට විශේෂ නිවේදනයක් ! appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG