Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැය 24 ක් තුළ ලොව පුරා රටවල් 228 කින් ලක්ෂ 03 ඉක්මවා නව කොරෝනා ආසාදිතයින්  

Add comments

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 727 ක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව පනස් දෙදහසකට ආසන්නයි. එමෙන්ම තායිවානයෙන් තිස් පන් දහසක්, ඇමෙරිකාවෙන් විසි දෙදහසක් හා ඕස්ට්‍රේලියාවෙන් විසි දහසක් ලෙස වෛයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේදී සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 144 වාර්තා වන්නේ තායිවානනේ. ඒ සමගම ලොව පුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට තුන් ලක්ෂ හතලිස් දෙදහසකට ආසන්න වනවා. හමු වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් හතර කෝටි හතලිස් අට ලක්ෂ පනස් දහසකට අධිකයි.

 

The post පැය 24 ක් තුළ ලොව පුරා රටවල් 228 කින් ලක්ෂ 03 ඉක්මවා නව කොරෝනා ආසාදිතයින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG