Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද කාලගුණය : ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි  

Add comments

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේත් ගම්පහ, කොළඹ, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. යාපනය දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය:  පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

සුළඟ:  දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිටහම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකියි.

මුහුදේ ස්වභාවය: පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු වේ.සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

ප්‍රධානනගර සදහා කාලගුණ අනාවැකිය                                                       දිනය :   2022-06-22
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 32 24 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 32 26 90 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක
කොළඹ 31 27 85 70 වැසි වාර කිහිපයක්
ගාල්ල 29 25 90 80 වැසි වාර කිහිපයක්
යාපනය 33 28 90 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 29 22 90 60 වැසි වාර කිහිපයක්
නුවරඑළිය 21 14 95 70 වැසි වාර කිහිපයක්
රත්නපුරය 32 24 95 65 වැසි වාර කිහිපයක්
ත්‍රිකුණාමලය 34 26 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 31 27 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත

The post අද කාලගුණය : ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG