Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු දිග චීනයට ගංවතුර – ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉවත් කරයි  

Add comments

චීනයේ දකුණු දිග ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉවත් කර තිබෙනවා. නොනැවතී ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නායයාම් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා.

වසර 50 කට පසු ඉහළම ගංවතුර මට්ටම මෙය බවයි චීන වාර්තා සදහන් කරන්නේ. ඇතැම් මෝටර් රථ ජලයෙන් ගසාගෙන යන ආකාරය ද දැක ගත හැකියි.

1961 වසරෙන් පසු දකුණු දිග චීනයට ලැබුණු වැඩිම වර්ෂාපතනය ද මෙයයි. දිස්ත්‍රික් 9 ක පුද්ගලයින් හාරලක්ෂ අසූ පන්දහසක් පීඩාවට පත්ව සිටිනවා.

The post දකුණු දිග චීනයට ගංවතුර – ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉවත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG