Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොම්බියාවේ රැඳවූවන් 49 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

කොලොම්බියාවේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින්  49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබෙනවා.

ගැටුම්මෙන් තවත් රැදවූවන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කොලොම්බියාවේ ටුලුවා බන්ධනාගාරයේයි මෙම ගැටුම ඇති වී තිබෙන්නේ.

ගැටුම අතරතුරදී රැදවූවන් බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කර ඇති බව ද සදහන්. රැඳවූවන් ඔවුන්ගේ මෙට්ට ගිනිතබමින් ගැටුම ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

මිය ගිය සියලුම පුද්ගලයින් රැඳවූවන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. එමෙන්ම ගැටුම අතරතුරදී බන්ධනාගාරයෙන් රැදවූවන් පැන ගොස් තිබේද යන්න පිළිබඳව පරික්ෂණ සිදු කෙරෙනවා.

 

 

The post කොලොම්බියාවේ රැඳවූවන් 49 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG