ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජය ගැනීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්වුණා.
ඉන්දියාවේ දිල්ලි හිදී පැවැති තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 211 ක් රැස්කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉෂාන් කිෂන් පන්දු 48කදී වේගවත් ලකුනු 76ක් රැස් කළේ හයේ පහර 3 හතරේ පහර 11ක් ද සමගින්. පිළිතුරු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකා කන්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවකදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 212ක් ලබා ගනිමින් තරගයේ ජය හිමි කර ගත්තා. ඩේවිඩ් මිලර් ලකුණු 64යි. වැන්ඩඩි ඩූසන් ලකුනු 75 යි. තරගයේ වීරයා ඩේවිඩ් මිලර්.
The post දකුණු අප්රිකාවට කඩුලු 7ක ජයක් appeared first on ITN News.
Post a Comment