Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන පෞරාණික කෘෂි ශිෂ්ටාචාර උරුමය යළි නිරීක්ෂණයට එක් වූ චීන ජනපති  

Add comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ස්චුවාන් පළාතේ මෙයි ෂන් නගරයේ සංචාරයක නිරත‍ වෙයි. චීන ජනාධිපතිවරයා පසුගියදා සිදුකෙරුණු සිය සංචාරයේදී ප්‍රථමයෙන් පැමිණියේ මෙයි ෂන් නගරයේ දොං පෝ දිස්ත්‍රික්කයේ යොං ෆෙං ගම්මානයටයි. ඉහළ ප්‍රමිතිගත වගාබිම් සංවර්ධනය වේගවත් කිරීම සහ ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාලීම, යොං ෆෙං ගම්මානය නිරීක්ෂණ කිරීමේදී චීන ජනාධිපතිවරයා වැඩි අවධානය යොමු කළ කාර්යයන් ය. මේ වසරේ ෂී ජින් පිං මහතා ග්‍රාමීය ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවන්හි නිරත විය. එවන් සෑම අවස්ථාවකදී ම හෙතෙම ගම්මානවල පුනරුදය පිළිබඳ සඳහන් කර තිබීම විශේෂත්වයකි. යොං ෆෙං ගම්මානයේ රැඳී සිටි අවස්ථාවේදී ද හෙතෙම ගම්මාන සමෘද්ධිමත් කිරීම පිළිබඳ උපදෙස් දී තිබේ.

මෙයි ෂන් නගරයේ ස්ථාපිත චීන සාහිත්‍ය වංශයේ සුප්‍රකට පියපුත් තිදෙනාගේ අනුස්මරණ ශාලාව නැරඹීමට ද චීන ජනාධිපතිවරයා අමතක නොකළේය. සු ෂුන් සහ සිය පුත්‍රයන් දෙදෙනා වන සු ෂී හා සු ච,
විශිෂ්ට සාහිත්‍යධරයන් වශයෙන් චීන සාහිත්‍යය වෙසෙසින් පෝෂණය කර ඇත. ඔවුන් තිදෙනාගෙන් වඩාත් දීප්තිමත් චරිතය වූ සු ෂී ගේ වදන් උපුටා දැක්වීම, දේශන පවත්වන විවිධ අවස්ථාවලදී චීන
ජනාධිපතිවරයාගේ විශේෂ පුරුද්දකි. එම අනුස්මරණ ශාලාවේ සංරක්ෂණ කටයුතු පිළිබඳව ද හෙතෙම විමසා බැලීය.

The post චීන පෞරාණික කෘෂි ශිෂ්ටාචාර උරුමය යළි නිරීක්ෂණයට එක් වූ චීන ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG