වැඩිමිලට අලෙවි කිරීම සඳහා තොග රැස්කර තිබූ බලංගොඩ ප්‍රදේශයේ සහල් වෙළෙදසැල් හිමියන් 7දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය හේතුවෙන් සහල් තොග සඟවා තබමින් වැඩිමිලට අලෙවි කිරීම සඳහා ඇතැම් ව්‍යාපාරිකයන් සහල් සඟවා තබන බවට පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි ලැබෙමින් පවතිනවා. මේ අනුව බලංගොඩ ඕපනායක ප්‍රදේශයේ වෙළෙදසැල් පරික්ෂා කිරීමේදී සහල් තොග සගවා තිබූ වෙළෙදසැල් හිමිකරුවන් 7 දෙනෙකුට එරෙහිව රත්නපුර පාරිභෝගික සේවා අධිකාරිය නඩු පවරා තිබෙනවා.
එමෙන්ම බලංගොඩ සමූපකාර සමිතියට අයත් කෝප් සිටි ආයතනයේ සගවා තිබූ රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 300ක්ද අත්අඩංගුවට ගැනුනා.
The post සහල් වෙළෙදසැල් හිමියන් 7දෙනෙකුට නඩු appeared first on ITN News.
Post a Comment