Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්  

Add comments

කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු සිදුකළ බවට ගොනු කර ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම ගොනුකළ මෙම නඩුව විභාග කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේයි. කුමාර වෙල්ගම මහතා මීට පෙර පැවති නඩු විභාගයේදී මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුව පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගෙන් ලිඛිත අනුමැතිය ඉදිරිපත් කර නැති බැවින් නඩුව පවරාගෙන යාමට නොහැකි බවට විරෝධතා මතු කෙරුණා. ඒ අනුව අදාළ විරෝධතාව මත අල්ලස් කොමිසම යළි නඩුපැවරීමේ අයිතිය රඳවා ගනමින් එය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන්නා.  අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දුන් අධිකරණය අනතුරුව කුමාර වෙල්ගම මහතා නිදහස් කළා.

The post කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG