Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

CGTN නාලිකාව සහ“ගුවංතුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ”එෆ්.එම්. නාලිකාව, හොංකොංහි විකාශය කෙරේ  

Add comments

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව සහ“ ගුවංතුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ”එෆ්.එම්. නාලිකාව, හොංකොංහි විකාශය කෙරේ.

හොංකොං මව්රටට එක්වීමේ 25 වැනි සංවත්සරය නිමිතිකරගෙන එම නාලිකා දෙක ලබන ජුලි පළමුදා සිට විකාශය කෙරේ. ඒ සඳහා අද (24) හොංකොං සහ බෙයිජිංහි වෙන්වෙන්ව විශේෂ උත්සව පැවැත්විණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය විධායක Carrie Lam Cheng මහත්මිය හා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂජනරාල් Shen Haixiong මහතා ඇතුළු නිලධාරීහු රැසක් ඊට එක්වූහ.

හොංකොං ආපසු චීනයට එක්ව එක්රටක් ක්‍රම දෙකක්  ප්‍රතිපත්ති අනුගමනය කරමින් සෙසු ප්‍රදේශ සමග මව් රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකර ඇතැයි Carrie Lam Cheng මහත්මිය වීඩියෝ ආකාරයෙන් දෙශනයක් පවත්වමින් කියාසිටියාය. චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව සහ“ ගුවංතුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ”එෆ්.එම්. නාලිකාව, හොංකොං විශේෂ පරිපාලන කලාපයේ විකාශය කිරීම, හොංකොං වැසියන් සඳහා මව් රටේ නවතම සංවර්ධනය පිළිබඳ දැනගැනීමේ මනාමාර්ගයක් නිර්මාණය කරනු ඇතැයිද ඇය වැඩිදුරටත් සඳහන්කළාය.

චීන මාධ්‍ය සමූහයේඅධ්‍යක්ෂජනරාල් Shen Haixiong මහතා උත්සවයේදී දේශනයක්ද පැවැත්විය.චීන ජනාධිපති ෂීජින්පිං මහතා හොංකොං වැසියන්ගේ සැපදුක මෙන්ම හොංකොංහි දිගුකාලීන සංවර්ධනය හා සමෘද්ධිය පිළිබඳව සැමවිටම අවධානයෙන් සිටින බව ඔහු පැවසීය. චීන මාධ්‍ය සමූහය ෂීජින්පිං ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව හොංකොං වැසියන්ට මධ්‍යම රජයේ හඬට සවන්දීමට පුළුල් අවකාශ ලබාදෙමින් නවයුග‍යේ හොංකොංහි සංවර්ධනය මැනවින් ප්‍රරචාරය කරන බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

The post CGTN නාලිකාව සහ“ගුවංතුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ”එෆ්.එම්. නාලිකාව, හොංකොංහි විකාශය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG