Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට මහාධිකරණයෙන් සිතාසි  

Add comments

සතොස ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතුවල යොදා ගැනිමෙන් රජයට පාඩු සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලබන 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරුණා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර ඇත්තේ. අදාළ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට අලාභයක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවනවා.

 

The post ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට මහාධිකරණයෙන් සිතාසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG