Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙබරවාරියෙන් පසු පූටින් යළිත් විදෙස් සංචාර අරඹයි  

Add comments

රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පළමුවරට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විදෙස් සංචාරයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

පුටින් ජනාධිපතිවරයා අවසන් වරට විදෙස් සංචාරයක නිරතවූයේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. එහිදී චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමුවූ අතර දෙරට අතර කොන්දේසි විරහිත මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට එකගතාවයකට පැමිණියා. ඉන් අනතුරුවයි රුසියාව යුක්රේනය තුළ යුද මෙහෙයුම් ආරම්භ කළේ. පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් මධ්‍යම ආසියාවේ පිහිටි ටජිකිස්තානයේ හා ටර්ක්මේනිස්තානයේ එළඹෙන සතියේ දී රුසියා ජනාධිපතිවරයා සංචාරයේ නිරතවනු ඇති. එහිදී අසර්බයිජානය,  කසකස්තානය,  ඉරානය ඇතුළු රටවල් කිහිපයක නායකයින් සමඟ සමුළුවකට ද ව්ලැඩිමීර් පුටින් සහභාගි වනවා. ඉන් අනතුරුව ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි රුසියා ජනාධිපති මන්දිරය නිවේදනය කරන්නේ.

 

 

 

The post පෙබරවාරියෙන් පසු පූටින් යළිත් විදෙස් සංචාර අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG