Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 07 ක් නාවික හමුදා භාරයට  

Add comments

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු  ප්‍රදේශයේ 2022 ජුලි මස 06 වන දින රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදීනීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 ක් සමග ජාවාරම්කරුවන් 02 ක්  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

අනවසර සංක්‍රමණ ඇතුළු මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි

ඒ අනුව,  උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අයත් වෙරළබඩ  මුර යාත්‍රාවක්තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ජුලි මස 06 වන දින රාත්‍රීයේ සිදුකළ මුර සංචාරයකදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුල සිටි නීති වි‍රෝධීව මුහුද මඟින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් 03 දෙනෙකු සහ කුඩා ළමුන් 03 ක් ඇතුළු 07 දෙනෙකු සමඟ එම ජාවාරමට සම්බන්ධ ජාවාරම් කරුවන් 02 දෙනෙකු එම ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස නාවික හමුදාව භාරයට ගත් පිරිස වයස මාස 09 ත් 43 ත් අතර පසුවන  කිලිනොච්චිය හා පේසාලේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතරඑම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

තවදමිනිස් ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිත අවදානමකට ලක්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

The post මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 07 ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG