Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ජී 20 කණ්ඩායම තුළ බෙදීමක්  

Add comments

රුසියාවට ජී 20 කණ්ඩායමේ රැස්වීම් තම අදහස් ප්‍රකාශ කිරීම සදහා වේදිකාවක් බවට පත් කිරීමට ඉඩ නොදෙන බව ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යවරිය පවසනවා.

රුසියාව අන්තර්ජාතික නීතිය කඩ කර ඇති බැවින් ජී 20 කණ්ඩායම තුලදී රුසියාවට එරෙහිව හඩක් නැගිය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහබාගී වීම සදහා රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොෆ් මේ වන විට ඉන්දුනීසියාවේ බාලි දූපතට පැමිණ තිබෙනවා.

රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ජී 20 කණ්ඩායම තුළ බෙදීමක් ඇති වී තිබෙන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ගෝලීය ආහාර අර්බුදය ඇතුළු අංශ රැසක් සම්බන්ධයෙන් මෙවර රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

 

 

The post රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ජී 20 කණ්ඩායම තුළ බෙදීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG