සෙසු රටවලට නිරන්තර බාධා පනවන්නන්ට අවසානයේ සිදුවන්නේ තමාගේ මාවත අවහිර වීම පමණක් බව චීනය කියයි.
සෙසු රටවලට තාක්ෂණික තහනම් පැනවීම වැනි ක්‍රියාමාර්ග යොදා ගතහොත්, අවසානයේ සිදුවන්නේ තමාගේ මාවත අවහිර වීම පමණක් බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.
නෙදර්ලන්තයේ ASML සමාගම, චිප් නිෂ්පාදනය පිළිබඳ වැදගත් තාක්ෂණික ක්‍රමවේද චීනයට අලෙවි කිරීම කෙරෙහි ඇමරිකාව බාධා කරමින් සිටියි. ඊයේ බෙයිජිංහිදී පැවති මාධ්‍ය හමුවකදී, ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චාඕ ලීජියන් මහතා මේ අදහස් පළ කළේය.
මෙය, ඇමරිකාව සිය ජාතික බලය අයුතු ලෙස යොදා ගනිමින් තාක්ෂණික ආධිපත්‍යය උදෙසා බලාධිකාරය මෙහෙයවීමේ තවත් සාක්ෂියක් වන අතර, තාක්ෂණික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමක් බව ද ඔහු පෙන්වා දී තිබේ.
The post සෙසු රටවලට නිරන්තර බාධා පනවන්නන්ට අවසානයේ සිදුවන්නේ තමාගේ මාවත අවහිර වීම පමණක් බව චීනය කියයි appeared first on ITN News.
Post a Comment