ලොව පුරා රටවල් 228 කින් හමුව ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි පනස් හතකට ආසන්න වනවා.
ඊයේ දිනයේදී පමණක් හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ තිස්දහසකට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 628 ක්. ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. එමෙන්ම ප්‍රංශයෙන් 73,000 ක් ඉතාලියෙන් 67,000 ක් හා දකුණු කොරියාවෙන් 40,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේ දී සිදුව ඇති වැඩිම මරණ සංඛ්‍යාව 79 සිදුව ඇත්තේ ඉතාලියෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටතුන් ලක්ෂ අසූහත් දහස ඉක්මවා ගියා.
The post ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන් appeared first on ITN News.
Post a Comment