Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ධුරයෙන් නෙරපා හරී  

Add comments

යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ධුරයෙන් පහ කිරීමට එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පියවර ගත්තා.

යුක්‍රේන ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා සහ නීති ජෙනරාල්වරයෙකු මෙලෙස ධුරයෙන් පහ කර තිබෙනවා. ඔවුන් රාජද්‍රෝහී ක්‍රියාවන්ට සම්බන්ධ වීම හේතුවෙන් මෙලෙස ධූරයෙන් පහ කිරීම සිදුකළ බවයි යුක්‍රේන ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව රාජද්‍රෝහී කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් නඩු 650කට අධික සංඛ්‍යාවක් විභාග වන බවද සදහන්. යුක්‍රේනයේ ජාතික ආරක්ෂාවට පදනම්ව ඊට එරෙහි අපරාධයක් සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු විටක පසුබට නොවන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

 

 

 

 

The post යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ධුරයෙන් නෙරපා හරී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG