Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික උෂ්ණයෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, ග්‍රීසිය දැඩි පීඩනයක  

Add comments

පෘතුගාලයට බලපා ඇති උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 650කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රජය නිවේදනය කරනවා.

ජීවිතක්ෂයට පත්වූ පෘතුගාල වැසියන්ගෙන් බහුතරයක් වයස්ගත පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 තරම් ඉහළ අගයක් ගෙන තිබෙනවා. එමෙන්ම ප්‍රංශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා ඉහළ ගොස් ඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ. යුරෝපය,  ප්‍රංශය,  ස්පාඤ්ඤය,  ක්‍රොඒෂියාව හා ග්‍රීසිය යන රටවලද  සාමාන්‍ය ජනජීවිතයට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. නිරිතදිග ප්‍රංශයේ ලැව් ගිනි හේතුවෙන් සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමටයි සහන කණ්ඩායම් පියවර ගෙන ඇත්තේ. එමෙන්ම ස්පාඤ්ඤයේ  3200කට අධික සංඛ්‍යාවක් ලැව් ගිනි හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා පලාගොස් ඇති බවද සදහන්. අක්කර දහස් ගණනක් ලැව් ගිනි හටගැනීමත් සමග  සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති ආකාරය ද  විදෙස් මාධ්‍ය වාර්තා කළා.  මධ්‍යධරණී කලාපයේ සිට මොරොක්කෝව දක්වා ලැව්ගිනි මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයින් දහස් ගණනක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post අධික උෂ්ණයෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, ග්‍රීසිය දැඩි පීඩනයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG