Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද දැනුවත් කිරීමට ඉන්දියාව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි  

Add comments

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද දැනුවත් කිරීමට ඉන්දියාව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද දැනුවත් කිරීම සදහා ඉන්දියාව සර්ව පාක්ෂික සමුළුවක් අනිද්දා දිනයේ දී කැඳවා තිබෙනවා. ආහාර ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට දැඩි විදේශ විනිමය හිඟයක් ඇති කරමින් දශක 4 ට පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය පිළිබද ඉන්දීය පක්ෂ නායකයින් දැනුවත් කිරීම අරමුණ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ආර්ථික මෙන්ම දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ තීරණාත්මක සංදිස්ථානයක සිටින ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ආර්ථික ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සදහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහාය ලබාදෙන බවට ඉන්දියාව මීට පෙර සහතික වුණා.

 

 

 

The post ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද දැනුවත් කිරීමට ඉන්දියාව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG