අද දිනයේ දී ඔක්ටේන් 95 පෙට්‍රල් නෞකාවක් දිවයිනට පැමිණි බව IOC සමාගම පවසනවා. මේ අතර IOC සමාගම පවසන්නේ අද දිනයේ දී ඉන්ධන ලීටර් මිලියන දෙකක් දිවයින පුරා බෙදා හැරීමට පියවර ගෙන ඇති බවයි.
ලංකා IOC සමාගමට අයත් ත්‍රිකුණාමල පර්යන්තයෙන් ඉන්ධන ලීටර් මිලියන 02ක් නිකුත් කර තිබෙනවා. බවුසර් 125ක් මගින් එම ඉන්ධන දිවයින පුරා අයිඕසී පිරවුම්හල්වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බවයි එම සමාගමේ විධායක අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වලින් ඉවත්වන තුරු එම පිරවුම්හල් වෙත ඉන්ධන ලබා දීම සිදු නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
පෝලිම්වල රැදී සිටීමෙන් වැළකී ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලට සහය දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්ධන අවසර පත්‍රය සදහා ලියාපදිංචිය සහ වාහන අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීමට දින වෙන් කිරීමේ වැඩපිළිවෙල අනිවාර්යෙන් ක්‍රියාත්මක කෙරෙන බවයි. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 රැගත් නෞකාවක් අද දිනයේ ද දිවයිනට ලගා වීමට ද නියමිතයි. එම ඉන්ධන ගොඩබෑමෙන් පසු බෙදාහරින දිනයක් පිළිබද දැනුම් දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.
ඌරාපොල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට දින 13ක් තිස්සේ පෝලිම්වල රැදී සිටි පිරිස් නිට්ටඹුව කිරිදිවැල මාර්ගය අවහිර කරමින් අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ඉන්ධන ගෙන්වා දීමට අත්තනගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර ගියා.
බිබිල අයිඕසී පිරවුම්හලට දින හයකට පසු ඊයේ ඉන්ධන ලැබී තිබුණා. බිබිල පොලිසියේ මැදිහත් වීමෙන් ඉන්ධන ලබා දුන්න ද පසුව ඇති වූයේ ගැටුම්කාරී තත්වයක්. ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ඉන්ධන ලබා ගැනීමට පැමිණ ගිලන්රථයක බූලි රැගෙන ඒමත් සමගයි. විරෝධතා හමුවේ ඔවුන්ට ඉන්ධන ලබා නොදිමටයි පියවර ගැනුණේ. කෙසේ වෙතත් තද වැසි ද නොතකා විශාල පිරිසක් තෙල් පෝලිම්වල සිටිනු දක්නට ලැබුණා.
සෞඛ්‍ය අංශ සදහා නිසි ලෙස ඉන්ධන නොලැබෙන බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සත්කාරක සේවාවලින් වැළකී සිටින බව අප වාර්තාකරු පවසනවා. හදිසි ප්‍රතිකාර සේවා හැර සෙසු සියලු සේවා අඩාල වී ඇති බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද ප්‍රකාශ කළේ.
මේ අතර ගම්පහ කලගෙඩිහේන පිරවුම්හල අසල පෝලිමේ රැදී සිටි පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික ආරවුලක් ඊට හේතුවී ඇති බවයි අපට වාර්තා වන්නේ.
The post ඔක්ටේන් 95 පෙට්‍රල් නෞකාවක් දිවයිනට appeared first on ITN News.
Post a Comment