Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද කාලගුණය : ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්  

Add comments

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹසහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලතැනින් තැනවැසි ඇතිවිය හැක.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60)දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය: කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විටරළු වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-07-19
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 35 26 95 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මඩකලපුව 33 25 90 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
කොළඹ 31 27 90 75 වැසි ස්වල්පයක්
ගාල්ල 30 26 90 80 වැසි ස්වල්පයක්
යාපනය 32 27 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 30 23 90 70 වැසි ස්වල්පයක්
නුවරඑළිය 21 13 95 75 වැසි වාර කිහිපයක්
රත්නපුරය 32 25 95 75 වැසි වාර කිහිපයක්
ත්‍රිකුණාමලය 36 25 90 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 30 26 95 80 ප්‍රධාන වශයෙන් වැසි රහිත

 

The post අද කාලගුණය : ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG