Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෑන් රථයක් පෙරළීමෙන් හය දෙනෙකුට තුවාල  

Add comments

කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දාහසයහමාර ප්‍රදේශයේ දී තිඹීරි ඇලට වෑන් රථයක් පෙරළීමෙන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හතර දෙනෙකු බරපතල තත්වයේ පසුවන බවයි පොලිසිය පවසන්නේ.

කෑගල්ලේ ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගිවූ පිරිසක්  ගමන් ගත් වෑන් රථයකුයි තිඹිරි ඇලට පෙරලී තිබෙන්නේ. තිඹිරිඇල පාලමේ යකඩ වැට කඩා ගෙන අඩි තිහක් පමණ ගැඹුරෙට වෑන් රථය පෙරලී තිබෙනවා. රියදුරුට නින්දයාම හේතුව බවටයි පොලිසිය පවසන්නේ. අනතුරෙන් තුවාල ලැබූ හය දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් හතර දෙනෙකුගේ තත්වය බරපතල වන අතර කුඩා දරුවෙකු ද ඒ අතර වෙනවා.

 

 

The post වෑන් රථයක් පෙරළීමෙන් හය දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG