Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකානු රාජ්‍යලේකම් Antony Blinken මහතා හමුවෙයි  

Add comments

ඉන්දුනීසියාවේ බාලි දූපතේ අද (9) පැවති ජී 20කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක්වීමෙන් පසු චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික,විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකානු රාජ්‍යලේකම් Antony Blinken මහතා සමඟ හමුවකට එක්විය.

චීන-ඇමරිකානු සබඳතාව අර්බුදකාරී තත්ත්වයෙන් මුදාගැනීමේ මූලික පදනම දෙරටේ නායකයන් එළඹුණු එකඟතාවන් බව වං යී මහතා පැවසීය. දෙරටේ සබඳතාව වෙනුවෙන් “ආරක්ෂක ගරාදි වැටක්” නිර්මාණය කළ යුතු බවට ඇමරිකාව අදහස් පළ කර ඇතත්, චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන, එම ද්විපාර්ශ්වික සබඳතාවේ විශ්වසනීය “ආරක්ෂක ගරාදි වැට” බවද වං යී මහතා අවධාරණය කළේය.

චීනය කෙරෙහි ඇමරිකානු ප්‍රතිපත්තිය පිළිබඳව Antony Blinken මහතා විග්‍රහ කළේය. චීනයට එරෙහිව "නව සීතල යුද්ධයක්" දියත් කිරීම, චීනයේ පද්ධතිය වෙනස් කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලක ස්ථාවරය
අභියෝගයට ලක්කිරීම, චීනය වට කරගැනීම, "තායිවාන නිදහසට" සහාය දීම හා තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස පවතින තත්ත්වය වෙනස් කිරීම යන කටයුතුවලට ඇමරිකාව උත්සාහ නොකරන බව ද හෙතෙම සඳහන් කළේය. එසේම, ඇමරිකාව ද්විපාර්ශ්වික සබඳතාවේ අවදානම් සාධක පාලනය කිරීමට කැපවී සිටින අතර, චීනය සමඟ සහයෝගිතා පැවැත්වීම සඳහා විවෘත ආකල්පයකින් පසුවන බව ද Antony Blinken මහතා පැවසීය.

The post චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකානු රාජ්‍යලේකම් Antony Blinken මහතා හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG