ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් හෙට අලුයම දිවයිනට පැමිණීමට නියමිතයි.
ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සදහා ලිට්‍රෝ සමාගම පසුගියදා අදාළ සමාගම් සමග ගිවිසුම් අත්සන් කළා. ඒ අනුව ලබන 11 සහ 16 යන දිනවලදීත් ගෑස් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පසුගියදා ප්‍රකාශ කළා.
ලබන 12 වනදා සිට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් වෙලෙදපොලට නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කළා. හෙට අලුයම සිට සාමාන්‍ය පරිදී අයිඕසී ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීම සිදු කෙරෙනවා. ඒ බව අයිඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ට්විටර් සටහනක් තබමින් සදහන් කළා.
The post ගෑස් නැවක් හෙට දිවයිනට appeared first on ITN News.
Post a Comment