Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති රනිල්ගේ නිවස රස පරීක්ෂකගේ විමර්ශනයට  

Add comments

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස රස පරීක්ෂකවරයා විසින් මේ වනවිට පරීක්ෂා කෙරෙනවා. ඊයේ පස්වරුවේ ඇතිවූ ගිනි ගැනීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කුරුදුවත්ත පිහිටි පෞද්ගලික නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

ඊයේ දිනයේ රට තුළ ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී ද විරෝධතා පැවැත්වුණා. එහිදී කිසියම් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිවස තුළට ඇතුළුවී තිබෙනවා. රාත්‍රි යේ දී අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි ගැනීමට ද ලක්වූ අතර එම ගිනි ගැනීමෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. මේ වනවිට රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති මන්දිරයේ තිබී මුදල් තොගයක් හමුවූ බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

 

 

The post අගමැති රනිල්ගේ නිවස රස පරීක්ෂකගේ විමර්ශනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG