Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි – සාමකාමී උද්ඝෝෂණයට අවසර  

Add comments

හෙට සහ අනිද්දා දිනවල කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ප්‍රදේශයට උද්ඝෝෂකයන් ඇතුළු වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි  පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  කේමින්ද පෙරේරා මහතා ප්‍රතික්ෂේප කළා.

අපරාධයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල තිබෙන හෙයින් අදාළ ඉල්ලීම ප්‍රතිකේෂප කරන බවද  අධිකරණය සදහන් කළා. කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනාරාල් ජලක බණ්ඩාර මහතා කියා සිටියේ ඇතැමුන් ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට ඇතුලු වී අයුතු ජනරාශිය වශයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවට සදහන් කළා.

මේ බව සදහන් රහසිගත බුද්ධි වාර්තාවක් ද කවරයක බහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළා. මෙම ප්‍රදේශයේ ජනාධිපති මන්දිරියට අමතරව ආර්ථික මර්මස්ථාන මෙන්ම තරු පහේ හෝටල් හා රාජ්‍ය ආයතන ගණනාවක් පවතිනව බවයි.

එබැවින් නීති විරෝධී ජනරාශියක් වශයෙන් විරෝධතාකරුවන් කටයුතු කළහොත් ඉන් මෙරට ආර්ථිකයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය  වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් නීති විරෝධී ජනරාශියක් මතු වන්නේ නම් ඊට අදාළව කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවයි.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කලේ  පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

The post පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි – සාමකාමී උද්ඝෝෂණයට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG