හංවැල්ල ප්‍රදේශයෙන් සොරකම් කළ බස් රථයක් සහ ටිපර් රථයක් වත්තල ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.
මෙම බස් රථය සහ ටිපර් රථය වත්තල ප්‍ර දේශයේ වාහන කොටස් කරන ස්ථානයක තිබී සොයා ගැනීමට හැකි වූ බවයි පොලීසිය සදහන් කළේ. හංවැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම වාහන සොයා ගැනීමට හැකි වුණා.
බස් රථය සම්පූර්ණයෙන්ම පාහේ කොටස් කර තිබූ බවයි වාර්තා වන්නේ. ඇතැම් කොටස් අලෙවි කර තිබූ අතර එංජිම සහ ගියර් පද්ධතිය හා අසන කිහිපයක් අලෙවි කිරීමට නියමිතව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post හංවැල්ලෙන් සොරකම් කළ බස් රථයක් සහ ටිපර් රථයක් වත්තලින් හමුවෙයි appeared first on ITN News.
Post a Comment