අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුලුවී තිබේ.
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් යොදා තිබු මාර්ග බාධක ගණනාවක් ඉවත් කරමින් අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුලුවී තිබෙනවා.
විරෝධතාකරුවන් අති විශාල පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරය තුල සිටින බවයි වාර්තා වන්නේ. මේ වන විටත් ගාලු මුවදොර අරගල භුමිය දෙසට ජනතාව ඒකරාශී වෙමින් පවතිනවා.
The post අරගලකරුවන් ජනපති මැදුර අත්පත් කරගනී appeared first on ITN News.
Post a Comment