තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල වෙළඳුන් පැමිණීම හා එළවළු පැමිණීම ඉතාමත් අඩු තත්වෙන් පවතින බව ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිවරයා පවසනවා.
මෙම ඉන්ධන ගැටලුව හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු පැමිණීම හා විකිණීම අඩාල වී ඇති බවත් හමුදාව විසින් ඉන්ධන සපයන බව කීවද එය හරියාකාරව තාම සිදු නොවුණු බවයි ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිවරයා සඳහන් කළේ.
වහාම රජය මැදිහත්වී මෙයට පිළියමක් යෙදිය යුතු බව තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙළඳුන් පවසනවා. තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය මේ දිනවල පාලු ස්වභාවයක් ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
The post තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලයි appeared first on ITN News.
Post a Comment