Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ගින්නකින් දස දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ නිවසක් ගින්නකට හසුවීමෙන් එහි සිටි කුඩා දරුවන් ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න නිවීමට ගෙන්වූ ගිනි නිවන භටයන් අතර එම නිවසේ ගෘහ මූලිකයාද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මියගිය පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සහ වැඩිහිටියන් 7 දෙනෙකු සිටි බවයි පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ. ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා. දඩයම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු අවට කැලෑබද ප්‍රදේශයකට තැබූ ගින්නකින් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි සැක කෙරෙන්නේ. මියගිය කුඩා දරුවන් තුන්දෙනා මෙම නිවසට පැමිණ ඇත්තේ සෙල්ලම් කිරීම සඳහා බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

 

 

 

The post ඇමෙරිකාවේ ගින්නකින් දස දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG