Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය තායිවානය ආශ්‍රිත මුහුදු කලාපයේ හමුදා අභ්‍යාසයක් අරඹයි  

Add comments

චීනය තායිවානය ආශ්‍රිත මුහුදු කලාපයේ දැවැන්ත හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

ඇමෙරිකා නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි චීනයේ දැඩි විරෝධය මධ්‍යයේ තායිවානයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුවයි මෙම හමුදා අභ්‍යාසය ආරම්භ කෙරුණේ. ඇයගේ තායිවාන සංචාරය හේතුවෙන් ඇමෙරිකාවට අනිටු ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවට චීනය අනතුරු අගවනවා.

යුද අභ්‍යාසය අද උදෑසන ආරම්භ වූ අතර චීන තායිවාන මුහුදු කලාපයේ ගමන්ගන්නා නෞකාවන්ට ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එම නෞකාවන්ට විකල්ප මුහුදු මාර්ග භාවිතා කරන ලෙස තායිවානය දැනුම් දී තිබෙනවා.

තායිවානය ආසන්නයේ මෙතෙක් පැවැත්වූ දැවැන්තම යුධ අභ්‍යාසය ලෙසයි විශ්ලේෂකයින් මෙය හදුන්වන්නේ. ඒ සදහා සජීවී වෙඩි උණ්ඩ යොදාගන්නා බවද චීනය නිවේදනය කරනවා. තායිවාන ගුවන් කලාපයට චීන ප්‍රහාරක ගුවන් යානා  ඇතුළු වී ඇති අතර එරට අමාත්‍යාංශ රැසක වෙබ් අඩවියන්ට සයිබර් ප්‍රහාරයන් ද එල්ල වී ඇති බව සදහන්.

 

 

 

 

 

The post චීනය තායිවානය ආශ්‍රිත මුහුදු කලාපයේ හමුදා අභ්‍යාසයක් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG