දිවයිනේ ප්‍රදේශ රැසක සිදු වූ නීතිවිරෝධී ක්‍රියා රැසක් පිළිබඳ පොලිසිය වාර්තා කරනවා.
මත්කුඩු සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමන්තුරේ ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මන්නාරම ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කරමින් තිබූ මහෝගනී දැව කදන් සහිත ලොරි රථයක් පස්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අඩවි වන නිලධාරීන් සමත් වුණා. මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධිකයි. බලපත්‍රයේ සදහන් දැව කදන්වලට අමතරව තවත් කදන් තොගයක් මෙහි ප්‍රවාහනය කරමින් තිබුණා. අදාළ ලොරි රථය පැමිණ ඇත්තේ මහනුවර ප්‍රදේශයේ සිටයි.
The post මත්කුඩු සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment