1962 වසරෙන් පසු ලොව බිහිසුනුම න්‍යෂ්ටික තර්ජනය ඇතිවීමේ අවදානමක් පවතින බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
1962 වසරේදී කියුබානු මිසයිල අර්බුදයේදී න්‍යෂ්ටික අවි භාවිත කිරීම සම්බන්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක් ඇතිවුණා. එහිදී දින 35ක කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර ගැටුම් පැවති අතර සෝවියට් සමූහාන්ඩුව කියුබාව ආසන්නයේ බැලස්ටික් මිසයිල ස්ථානගත කිරීම අර්බුදයට හේතුවයි.
ජෝ බයිඩන් සදහන් කරන්නේ යුක්‍රේන යුද්ධයේදී ද රුසියාව න්‍යෂ්ටික අවි උපායමාර්ගික ලෙස භාවිත කළ හොත් යළි න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවයි.
The post 1962න් පසු ලොව බිහිසුනුම න්‍යෂ්ටික තර්ජනය ඇතිවීමේ අවදානමක් appeared first on ITN News.
Post a Comment