Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරාදෙණියේ සිද්ධියට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් 10 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන සිදුවනවා. සීසීටීවී දර්ශන ඔස්සේ ප්‍රහාරයට පැමිණි ශිෂ්‍යයින් හදුනාගැනීමේ කටයුතු ඊයේ දිනයේත් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රහාරයට සම්බන්ධ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍යයින් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කළා. සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයින් හය දෙනෙකු පේරාදෙණිය පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අතර තවත් ශිෂ්‍යයින් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය කටයුතු කළා. සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් කිහිප දෙනෙකුම හදුනාගෙන ඇති බවයි පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කළේ.

පුද්ගල අයිතිවාසිකම් සුරැකෙන පරිදී නීතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මෙම සිද්ධියට මුහුණ දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා තමාට සහ පුත්‍රයාට පහරදීමට පැමිණි සිසුන් කිහිප දෙනෙකු හදුනාගෙන ඒ පිළිබද විශ්වවිදයාල පාලන අධිකාරිය ලිපියක් මගින් දැනුවත් කර තිබෙනවා.

 

 

The post පේරාදෙණියේ සිද්ධියට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG