Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

අධික හිම පතනය හා ශීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ මෙන්ම කැනඩාවේ මිලියන 250 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

මේ වනවිට ඇමෙරිකාවට හා කැනඩාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මිලියන 1.5 කට අධික පිරිසකට විදුලිබලය අහිමිවී ඇති අතර ගුවන් ගමන්වාර දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මිනසෝටා , අයෝවා , විස්කොන්සින් , මිචිගන් , බෆලෝ හා නිව්යෝර්ක් යන නගරවල දෘෂ්‍යතාව ඉතා පහළ අගයක පවතින බව ඇමෙරිකා ජාතික කාලගුණ සේවය පවසනවා. කැනඩාවේ ඔන්ටාරියෝ හා ක්විබෙක් යන නගර හිම කුණාටු හේතුවෙන් දහස් ගණනකට විදුලි බලය අහිමිවී තිබෙනවා. ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 45 ක් තරම් අගයක පවතින අතර මිචිගන් ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 17 ක් ලෙසයි සටහන් වන්නේ.

 

 

 

 

The post ඇමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG