Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරතවීම තහනම් කරයි  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරතවීම ද තලේබාන් සංවිධානය තහනම් කර තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරත ඇෆ්ගනිස්ථාන කාන්තාවන් හිජාබය නොපැළදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තලේබාන් සංවිධානය නිවේදනය කරන්නේ. කෙසේ වුවද තලේබාන් සංවිධානයේ නියෝගය මිනිස් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව ජගත් සංවිධානය පවසනවා. මේ ආකාරයටම පසුගිය සතියේ දී එරට සිසුවියන්ට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීම තහනම් කිරීමට තලේබාන් සංවිධානය පියවර ගත්තා. ඒත් සමගම තලේබාන් සංවිධානයට විරෝධය පලකරමින් උද්ඝෝෂණ පවත්වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේ දී එරට බලය අත්පත් කර ගන්නා අවස්ථාවේ දී කාන්තා අයිතිවාසිකම් සුරකින බවට තලේබාන් සංවිධානය පොරොන්දු ලබාදුන්න ද මේ වනවිට එරට කාන්තාවන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදුවට ලක්ව තිබෙනවා.

 

 

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරතවීම තහනම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG