Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2023 වසර සඳහා උතුරු කොරියාව නව මිලිටරි ඉලක්ක එළි දක්වයි  

Add comments

2023 වසර සඳහා උතුරු කොරියාව නව මිලිටරි ඉලක්ක එළි දක්වා තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජෝන් උන් ඊයේ පැවති පක්ෂ රැස්වීමේදී මේ බව සඳහන් කළා.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය හමුදා සඳහා නව ඉලක්ක එළි දැක්වු බවත් ලබන වසරේ දී අවි අත්හදා බැලීම් සහ කලාපයේ ගැටුම් පිළිබඳව වැඩිදුරටත් සලකා බලන බවයි.

එමෙන්ම බටහිර රටවල ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කරන ආකාරය පිළිබඳව ද උතුරු කොරියා නායකයා උපදෙස් ලබා දී තිබෙනවා.

කොරියානු අර්ධද්වීපයේ ආරක්ෂාව පිළිබඳව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

The post 2023 වසර සඳහා උතුරු කොරියාව නව මිලිටරි ඉලක්ක එළි දක්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG