Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගජමුතු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

මිළ අධික දුර්ලබ ගජමුතු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර පරන ගාමන්ට් පාර කාර්මික ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි මෙම ගජමුතු සොයා ගෙන තිබුණා. සැකකරු ඉලුක්පිටිය බටපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශ රටක නිෂ්පාදිත ගිණිඅවියක් සමග අපරාධයක් සැලසුම් කල සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙණවා. නැගෙනහිර දික්ලන්ද මැල්ලවගෙදර ප්‍රදේශයේ දි සැකකරුවෙකු අත්අඩගුංවට ගත් අවස්ථාවේදි මෙම සැලසුම හෙළි වී ඇත්තේ. සැකකරුගෙන් කල ප්‍රශ්න කිරීම්වලදි අදාළ ගිණිඅවිය සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මේ අතර පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සැලසුම් කර තිබු අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු වැල්ලම්පිටිය කොටිකාවත්ත මංසන්දියේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මගිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

 

The post ගජමුතු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG