Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික සත්ත්වෝද්‍යානය සංවිධාන කරන අධ්‍යාපන ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි  

Add comments

සතුන් අපේ මිතුරෝය යන තේමාවෙන් ජාතික සත්ත්වෝද්‍යානය සංවිධාන කරන අධ්‍යාපන ප්‍රදර්ශනය හෙට ආරම්භ වනවා.

හෙට සිට 25වනදා දක්වා දින තුනක් මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.  ප්‍රදර්ශනයේ ආරම්භක දිනය වන හෙට දිනයේදී පාසල් දරුවන්ට නොමිලේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂාංග රාශියක් හෙට දිනයේ ක්‍රියාත්මක වනවා. ප්‍රදර්ශනයේ දෙවන දිනය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා  වෙන් වූ දිනයක් වූ අතර එදිනට ඔවුන්ට නොමිලේ සත්ත්වෝද්‍යානය නැරඹිය හැකියි.

සතුන් හා ඔවුන් ජීවත්වන පරිසරය ආරක්ෂා කර ගැනීමේ ආකල්ප ජනතාව තුළ වර්ධනය කිරීමේ මූලික අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කරන බවයි සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා සදහන් කළේ.

 

 

 

 

The post ජාතික සත්ත්වෝද්‍යානය සංවිධාන කරන අධ්‍යාපන ප්‍රදර්ශනය හෙට ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG