Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති රාජ්‍ය සේවයේ වගකීම මතක් කර දෙයි  

Add comments

තමා වෙත ලැබෙන ජනතා ගැටලුවලින් සියයට පනහක්ම රාජ්‍ය නිලධාරීන්ට විසදුම් ලබාදිය හැකි ඒවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනතා සේවය ඉටු කිරීමේදී රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළා. ජනතා සේවය ඉටු කිරීමේදී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසදීම පිළිබදව සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි මස 4 වනදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සදහා පට්ටිපොළ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද මෙහිදී උපදෙස් ලැබුණා. වතු ආශ්‍රිතව තිබෙන සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක, පලනි දිගම්බරම්, ජීවන් තොන්ඩමන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

The post ජනපති රාජ්‍ය සේවයේ වගකීම මතක් කර දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG