Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම්  

Add comments

රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් පවසනවා.

යුක්රේනයේ යුද්ධයට සම්බන්ධ සියලුම පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට රුසියාව සුදානම් වූවද කියෙව් සහ ඔවුන්ගේ බටහිර ආධාරකරුවන් සාකච්ඡාවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කරනවා. රුසියාව පසුගිය පෙබරවාරි 24 වනදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ දරුණුතම යුරෝපීය ගැටුම මෙන්ම 1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු මොස්කව් සහ බටහිර අතර විශාලතම ගැටුම ලෙස රුසියා යුක්‍රේන අර්බුදය සැලකෙනවා. මේ වන විටත් යුද්ධයේ අවසානයක් පෙනෙන්නට නැති බවයි විදෙස් විචාරකයන් පෙන්වාදෙන්නේ. ක්‍රෙම්ලිනය පවසන්නේ තම සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් සටන් කරන බවයි. කෙසේවෙතත් කියෙව් පවසන්නේ සෑම රුසියානු සොල්දාදුවෙකුම තම භූමියෙන් ඉවත් කරන තුරු තමන් විවේක නොගන්නා බවයි.

The post රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG