Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙම වසර තුළ ගෝලීය වශයෙන් උපරිම ආදායමක් ලැබූ පුද්ගලයා බවට ගෞතම් අදානි පත්වෙයි  

Add comments

ගෞතම් අදානි මේ වසර තුළ ගෝලීය වශයෙන් උපරිම ආදායමක් ලැබූ පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

බ්ලූම් බර්ග් වර්තා අනුව ඉන්දියාවේ ගෞතම් අදානි ලොව තුන්වන ධනවත්ම පුද්ගලයා බවත් මේ වසර තුළ පුද්ගලික ධනය වැඩිවීම තුළින් ප්‍රථමයා බවත් ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඔහුගේ පුද්ගලික ධනය වැඩිවීම ඩොලර් බිලියන 49ක්. මේ තුළින් ඔහු බ්ල්ගේට්ස් ට සහ වොරන් බෆට් යන ධනපතියන්ගේ ආදායම මේ වසර තුළ ඉක්මවා ගොස් තිබෙනවා. 60 හැවිරිදි ගෞතම් අදානි ඉන්දියාවේ කාර්ය බහුලම වරායන්වල අයිතිය මෙන්ම ඕස්ට්‍රේලියාවේ ගල්අගුරු පතල්වල ද හිමිකම් දරන්නෙක්. ඔහුගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 134ක්. අදානි සමාගම මේ වන විට ලොව විශාලතම සූර්ය බලශක්ති නිෂ්පාදකයා ද වනවා.

 

 

 

The post මෙම වසර තුළ ගෝලීය වශයෙන් උපරිම ආදායමක් ලැබූ පුද්ගලයා බවට ගෞතම් අදානි පත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG