Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝට්ටුවක් පෙරලෙයි – 59ක් මියයයි – මාස කිහිපයක් වයසැති සිඟිත්තෙකුත් ඒ අතර  

Add comments

ඉතාලියට සංක්‍රමණය වීමට උත්සහ කළ නීතිවිරෝධි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් 12 දෙනෙකු ඇතුලත් බවයි බිබිසී පුවත් සේවය සදහන් කරන්නේ.

ඒ අතරට මාස කිහිපයක් වයසැති බිළිදෙකු ද ඇතුලත්.

බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ 150 දෙනෙකු පමණ එහි සිටි බවයි වාර්තා වන්නේ.

80 දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගැනීමට හැකි වු බව සහන කණ්ඩායම් සඳහන් කරනවා.

පුද්ගලයින් 30 දෙනෙකු පමණ තවමත් අතුරුදන් බව ද සඳහන්.

කෙසේ වුවද සහන කණ්ඩායම් සඳහන් කරන්නේ බෝට්ටුව 200කට වැඩි පිරිසක් ගමන් කරන්නට ඇති බවයි.

බේරා ගත් පිරිස ඉරාන , ඉරාක , ඇෆ්ගනිස්ථානය , පාකිස්තානය සහ සෝමාලියාව ඇතුලු රටවල් වලින් පැමිණි පිරිස් බව වාර්තා වනවා.

The post බෝට්ටුවක් පෙරලෙයි – 59ක් මියයයි – මාස කිහිපයක් වයසැති සිඟිත්තෙකුත් ඒ අතර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG