Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වයිරසයේ ආරම්භය : විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවක් !  

Add comments

කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවන්නට ඇත්තේ විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවකින් බවට ඇමෙරිකා බලශක්ති දෙපාරත්මේන්තුව තහවුරු කර තිබෙනවා.

වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට විශේෂ වාර්තාවක් සපයමින් ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතුන් මඟින් කොරෝනා වයිරසය හට ගන්නට ඇති බවට වු මතය මේ අනුව වෙන්ස වන බවයි.

2019 වසරේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගියා.

මේ වන විට ලක්ෂ 70කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා.

එහි නව ප්‍රභේද තවදුරටත් ලොව පුරා ව්‍යාප්තව පවතින්නේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරමින්.

ඉදිරිපත්ව ඇති නව තොරතුරු තහවුරු කර ගැනීමට ප්‍රධානම බාධකය වී ඇත්තේ බොහෝ රටවල් ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට මැළිකමක් දැක්වීමයි.

කෙසේ වෙතත්  FBI බුද්ධි සේවය එක්ව මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.

The post කොරෝනා වයිරසයේ ආරම්භය : විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවක් ! appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG